බස් එකේ යන්නත් තියෙද්දී
මං ආවේ කෝච්චියේ යන්නයි
තාත්තා දෙන පුංචි මුදල අතට ඉතිරි කරගන්න.
පාන්දරම තිබ්බා කෝච්චියක්
එන්න බැරි හින්දා කළුවරේ තනියම
අම්මත් ආවා මගෙ තනියට....
පාන්දර පහයි ආවා අපි ස්ටේෂමට
එළියක් නැහැ තවම කළුවරයි මුළු අහසම
ටිකටි එක අරගෙන මං
කෝච්චියට නගින්න යද්දි
අම්මට එන්න ඉඩක් නැහැ මං එක්ක
වැටට විතරක් වෙන් උනා අපි
මං ආවා නගින්නට
දුවගෙනම කෝච්චියට
ඒත් හිතේ කොනක
පුංචි අඩුවක්ම දැනුනා මට
එ් මගේ අම්මාම බව දනිමි මම
වාඩි උනත් මං කෝච්චියේ පෙට්ටියක
යන්නට තව හුඟ වෙලාවක් ඇත
ඒ හින්දා ගියා මං
අම්ම කොතැනද බලන්නට
යද්දි අම්මා තවම
වැට ගාව එල්ලීගෙන
බලං හිටියේම මං එයි කියා වෙන්න ඇති.
අතවනා අෑ දෙසට
මං කිව්වෙ අම්මාට
"එළිය වැටුනම යන්න
මට බයයි අම්මා ගැන"..
වචනයක් පිට නොකර
හිස වැනුව විගසින්ම්
මං දනිමි නුඹේ ඔය
ආදරය හිර වෙලා ඉකියක්ව
කෝච්චිය පිටත්වෙන වෙලාවත් ලඟා උනි
මම ඇවිත් හිටි තැනම ඉඳගතිමි සමුඅරන්
මගේ ඉකි හිරවෙලා කදුළු වී රූරද්දි
හූ... හඩට එහා මගේ හිතම කී ගා හඬද්දි
අහන් ඉන්නට මටත් බැරි විය.
අම්මේ නුඹ දැන් නොපෙනුනත්
දැනෙනවා මට මහ මෙරක්
අම්මගෙ ඇස් තෙමුනාට කදුලින්
සෙත් පතන බව මට හොඳින්....
Wednesday, 26 September 2018
Wednesday, 19 September 2018
ගෙදරින් මං හුඟක් දුර
හීනෙනුත් මං ගෙදර යද්දී
මගේ දුක කෑ මොර නගද්දී
අම්මටත් දැනුනලු කියද්දී
ගිනි ගනී හදවත මැරෙද්දී
දවස් ගනිමින් මඟ බලද්දී
ගෙදර බත් වල රස හොයද්දී
අම්මගේ බැනුනුත් මතක් වී
පිරෙයි සෙනහස දෝරෙ යද්දී
දින ගෙවී සති ගෙවී යද්දී
හෙට ගෙදර එන්නම් කියද්දී
නොපෙනුනත් ඔබේ ඇස් තෙමෙද්දී
දැනුනා මට ආදරේ වෙද්දී.....
මගේ දුක කෑ මොර නගද්දී
අම්මටත් දැනුනලු කියද්දී
ගිනි ගනී හදවත මැරෙද්දී
දවස් ගනිමින් මඟ බලද්දී
ගෙදර බත් වල රස හොයද්දී
අම්මගේ බැනුනුත් මතක් වී
පිරෙයි සෙනහස දෝරෙ යද්දී
දින ගෙවී සති ගෙවී යද්දී
හෙට ගෙදර එන්නම් කියද්දී
නොපෙනුනත් ඔබේ ඇස් තෙමෙද්දී
දැනුනා මට ආදරේ වෙද්දී.....
තව තවත් ආදරෙයි
පපුව රිද්දන තරමට
ඇහෙන වචන එක්ක
මම ටිකෙන් ටික මිය යද්දි
ආයෙත් ඇවිත්
මට ජිවත් වෙන්න
හුස්ම දෙද්දි
කොහොමද රිද්දන වාර ගණන
මතක් කර කර පලිගන්නෙ
තව තව ආදරේ කරනවා ඇරෙන්න... 💖
ඇහෙන වචන එක්ක
මම ටිකෙන් ටික මිය යද්දි
ආයෙත් ඇවිත්
මට ජිවත් වෙන්න
හුස්ම දෙද්දි
කොහොමද රිද්දන වාර ගණන
මතක් කර කර පලිගන්නෙ
තව තව ආදරේ කරනවා ඇරෙන්න... 💖
#නොමියුණු #විරු #සිත..
ලේ මස් ඇට නහර පුරාම
දිව ගියේ යුද්ධයයි.
ඉදිරියෙන් ඉදිරියට
ජය ටැඹක් මැව් අයුරු මතකය.
තල් අරඹ ලේ විලක්
එහෙ තිබුණු සද්දයක්..
කන් පැලෙන තරමටම
වෙඩි උන්ඩ විත් අැද වැටුණි
දෙපා මුලටම..
බේරුනේ නූලෙන් ය.
ඒත් එක පාරටම
කන් අඩිය කීං ගා
ඇහුනෙ නැහැ මට සද්දයක්
දැනුනෙ නැහැ මට කිසි දෙයක්
ඒත්...
පෙනුනා මට එක සිහිනයක්
එක සැනින් වියැකුණු
අම්මේ ඒ ඔබමයි..
ඒක හරිම පුදුමයක්
ආසයි අම්මේ නුඹ දකින්නට
ගැබ්බර වූ මගේ සොඳුර
දුවෙක්ද දුන්නෙ මට පුතෙක්ද
දුකක් නැහැ දකින්නට
බැරි උනත් නුඹලා..
නුඹේ ස්මරණය නිසාම
මිය ගියත් මරණයක් නැති මට
ඉන්නට හැකි නුඹලා ලඟින්ම
එක දෙයක් කියන්නම් මං
දස දහසක් විරුවන්
රුහිරු වැගිරූ මේ බිම
රැකගත් ඒ පිනෙන්
නැවත උපදිමි
යුධ කරන්නට
නැවත නැවතත් මේ බිම නසන
අමනයන් එක්ක...
දිව ගියේ යුද්ධයයි.
ඉදිරියෙන් ඉදිරියට
ජය ටැඹක් මැව් අයුරු මතකය.
තල් අරඹ ලේ විලක්
එහෙ තිබුණු සද්දයක්..
කන් පැලෙන තරමටම
වෙඩි උන්ඩ විත් අැද වැටුණි
දෙපා මුලටම..
බේරුනේ නූලෙන් ය.
ඒත් එක පාරටම
කන් අඩිය කීං ගා
ඇහුනෙ නැහැ මට සද්දයක්
දැනුනෙ නැහැ මට කිසි දෙයක්
ඒත්...
පෙනුනා මට එක සිහිනයක්
එක සැනින් වියැකුණු
අම්මේ ඒ ඔබමයි..
ඒක හරිම පුදුමයක්
ආසයි අම්මේ නුඹ දකින්නට
ගැබ්බර වූ මගේ සොඳුර
දුවෙක්ද දුන්නෙ මට පුතෙක්ද
දුකක් නැහැ දකින්නට
බැරි උනත් නුඹලා..
නුඹේ ස්මරණය නිසාම
මිය ගියත් මරණයක් නැති මට
ඉන්නට හැකි නුඹලා ලඟින්ම
එක දෙයක් කියන්නම් මං
දස දහසක් විරුවන්
රුහිරු වැගිරූ මේ බිම
රැකගත් ඒ පිනෙන්
නැවත උපදිමි
යුධ කරන්නට
නැවත නැවතත් මේ බිම නසන
අමනයන් එක්ක...
සහෘද පෙම්වතිය
දරදඩු ඔබේ හිත ලඟම මම
තනියෙනුත් කවි පද මිමිනුවේ
හීන් හීතල රූක තනියම
මුළු හිතම ඔබේ නමින් පිරුණේ.
කදුළු සයුරක කිමිද ඔබ මොබ ඔබේ රුවමයි මහද සෙව්වෙ.
දින ගණන් සති ගණන්
ඔබ නැති පාළුවත් මම දරාගත්තේ
හිතම තද කර ඔබ එනතුරා
ඔබෙ නමින් දුක දරා ගන්නේ.
තනියෙනුත් කවි පද මිමිනුවේ
හීන් හීතල රූක තනියම
මුළු හිතම ඔබේ නමින් පිරුණේ.
කදුළු සයුරක කිමිද ඔබ මොබ ඔබේ රුවමයි මහද සෙව්වෙ.
දින ගණන් සති ගණන්
ඔබ නැති පාළුවත් මම දරාගත්තේ
හිතම තද කර ඔබ එනතුරා
ඔබෙ නමින් දුක දරා ගන්නේ.
විසිරුණු මල් පෙති
ගසක සරැවට වැඩුණු මලකට
සුළඟ ඇවිදින් කලා ඉඟි බිඟි
සුළගෙ පහසින් මත් වූ ඒ මල
පෙමින් වෙලුනා ගසට රහසෙන්
පෙති පුරා සුව විඳ සිතැඟි ලෙස
රේණු අතරින් සුවඳ ඩැහැගෙන
නොසිතු මොහොතක
සුළඟ රළු වී
වෙන් කලා මල ගසේ නටුවෙන්
සුළගවත් නොබැලුවා මල දෙස
ගසටවත් බැරි උනා රැකුමට
පෙති ලන්නටත් පලමු මල හට
සිදු වුණේ පෙති විසුරවන්නට..
සුළඟ ඇවිදින් කලා ඉඟි බිඟි
සුළගෙ පහසින් මත් වූ ඒ මල
පෙමින් වෙලුනා ගසට රහසෙන්
පෙති පුරා සුව විඳ සිතැඟි ලෙස
රේණු අතරින් සුවඳ ඩැහැගෙන
නොසිතු මොහොතක
සුළඟ රළු වී
වෙන් කලා මල ගසේ නටුවෙන්
සුළගවත් නොබැලුවා මල දෙස
ගසටවත් බැරි උනා රැකුමට
පෙති ලන්නටත් පලමු මල හට
සිදු වුණේ පෙති විසුරවන්නට..
කුමටද
මේ වැස්ස කුමටද අප එක මඟ නොයන කල
මේ මල් කමටද
සුවඳ විඳින්නට නොහැකි කල
මේ සඳ සිසිල කුමටද
සීතලේ ගුලි වන්නට වරම් නැති කල
මේ ලොවම කුමටද
ඔබත් මමත් හමු නොවන කල...
මේ මල් කමටද
සුවඳ විඳින්නට නොහැකි කල
මේ සඳ සිසිල කුමටද
සීතලේ ගුලි වන්නට වරම් නැති කල
මේ ලොවම කුමටද
ඔබත් මමත් හමු නොවන කල...
Subscribe to:
Posts (Atom)
දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...
-
ගසක සරැවට වැඩුණු මලකට සුළඟ ඇවිදින් කලා ඉඟි බිඟි සුළගෙ පහසින් මත් වූ ඒ මල පෙමින් වෙලුනා ගසට රහසෙන් පෙති පුරා සුව විඳ සිතැඟි ලෙස රේණු අතර...
-
දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...






