අපේ රං පුතු එක්ක මට නැවතියං කියා
උඹ ගියේ දෙව් සරණ හැමට ගෙන එනු නියා
ඒත් අද පවුකාර කමේ නිම් නැති නිසා
අපි පැලේ තනි කරන් නුඹ දෙව්ලොව ගියා
දෙව් මවුනි පා වදින අසරණ වූ මා හිමියා
නොදුටුවෙද ඔබ දෙඇස් කදුළු පිරි තිබු නිසා
රත්තරං පුතුට,මට හිටිය දෙවියා එයා
දැන් ඉතිං මේ කුරිරු දේසේ අපි තනි උනා
ඇස් කන් වහන් ඉන්න පාපතර උන් නිසා
මගේ මුළු ජීවිතය කළු කුහරයක් උනා
කුමක් නම් කරන්නද දෑත් මගෙ වෙවුලනා
නැති වූණේ මට තිබුණු ලොකුම සම්පත නිසා
මගේ... රං පුතේ මට යලි යලිත් සමා දෙන්
උඹට මේ අපාගැබ උපත දුන් පව නිසා...
