Tuesday, 20 November 2018

මේ වෙනකොට අපට කොච්චර මිනිස්සු හමුවෙලා ඇත්ද,
ඒ අතරිනුත් කීයක් එක්ක හිනා වෙලා ඇත්ද
ඒ හිනාවන් එක්ක කතා කරපු අය කී දෙනෙක්නම් ඇත්ද
ඒත්..
හදවතටම කතා කරන්න කීයෙන් කී දෙනාට පුළුවන්
ජීවිතේ හරි පුදුමයි
හමුවෙනවා
ඇසුරු කරනවා
වෙන් වෙනවා
අපි දන්නෙත් නැහැ කාලයත් ගෙවිලා
ඒත් ගෙවුණු මතකයන් අස්සේ
හදවතටම කතා කරපු
පපුව හෑරෙන තරමට හැඟීමක් ගෙනාපු
කෙනෙක් ඉන්නවා
අපි හැමෝගෙම හිත්වල..
ඒ හින්දම කාගෙ හරි මතකයක
ඇවිත් යන මතකෙක හිමිකාරයෙක් නොව
කෙනෙක්ගේ හදවතටම
කිදා බැස්ස පිලිලයක් වෙන්න..
හැබැයි
ආදරෙන්......❤

දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...