Wednesday, 19 September 2018

ගෙදරින් මං හුඟක් දුර

හීනෙනුත් මං ගෙදර යද්දී
මගේ දුක කෑ මොර නගද්දී
අම්මටත් දැනුනලු කියද්දී
ගිනි ගනී හදවත මැරෙද්දී

දවස් ගනිමින් මඟ බලද්දී
ගෙදර බත් වල රස හොයද්දී
අම්මගේ බැනුනුත් මතක් වී
පිරෙයි සෙනහස දෝරෙ යද්දී

දින ගෙවී සති ගෙවී යද්දී
හෙට ගෙදර එන්නම් කියද්දී
නොපෙනුනත් ඔබේ ඇස් තෙමෙද්දී
දැනුනා මට ආදරේ වෙද්දී.....


No comments:

Post a Comment

දැනෙන නොදැනෙන තරමට රිදෙන නොරිදෙන තරමට වැටෙන නොවැටෙන තරමට පාඩම් කියා දුන් ජීවිතේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයකට පෙරලන්නට කල් හර...