ආදරේ මහ පිස්සුවක්
දවසක්
"මං ඔයාට පැලෙන්න ආදරෙයි රත්තරං" කියනවා.
ආයෙ දවසක
"ලඟ හිටියනම් මං තෝ මරනවා"
කියනවා.
මොකද්ද මේ ආදරේ
කවුද දන්නෙ මේ හරුපෙ තේරුම
එකිනෙකාට සාපේක්ෂ වෙච්ච දේකටද..?
හරියට වතුර වගේ හැඩයක් නැති දේකටද..?
ඉන්නවා සුපිරි ප්‍රේමවන්තයෝ
ඒත් උන් අස්සෙත් ඇති නොපෙන්න කෙනහිලිකම්
අනිත් එකා වෙනස් කරන්න දඟලන වෙලාවෙ ඒකගෙ හදවත අවංකව තේරුම් ගන්න උත්සහ කරානම් හරි...
මිනිස්සු ජීවත් වෙනවා
ආදරේ එක්ක
ඒත්..
උන්ගෙ හදවත් මැරිලා
"ආදරය","ජීවිතය" හැමදේම පටලගෙන
ආදරේ කරන්නම ඕන ඒකෙ රහ දැනගන්න
සමහරුන්ට නීරසයි
සමහරුන්ට පැණිරසයි
මං හිතන්නෙ ආදරේ නෙල්ලි ගෙඩියක් වගේ..
No comments:
Post a Comment