ආදරේ දුරට යද්දි
පස්සෙන් දුවන්නෙ නැහැ
ඉස්සර වගේ...
ආදරේ මං අතහරිද්දි
පපුව පිච්චෙන්නෙ නැහැ
ඉස්සර වගේ...
උහුලගන්න බැරි වචන කියද්දි
දුක හිතෙන්නෙත් නැහැ
ඉස්සර වගේ...
තනි වෙලා කියලා දැනෙද්දි
කදුළු උනන්නෙත් නැහැ
ඉස්සර වගේ...
ඔය නපුරු හිතට මං ඕන වෙද්දි
ආදරේකුත් නැහැ
ඉස්සර වගේ...
💔 _චේ_ 💔
No comments:
Post a Comment